31.1 C
Colombo
Monday, June 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් අද

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් අද

පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් අද (30) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුව අද (30) පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (30)  පාර්ලිමේන්තුව කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­මට නිය­මි­තයි.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද (30) සවස 4.30 දක්වා පැවැත්වෙනවා.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිත බව පාර්ලි­මේන්තු මහ­ලේ­කම් කාර්යා­ලය සඳ­හන් කරනවා.