28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට විශේෂ මදුරු මර්දන සතියක්

අද සිට විශේෂ මදුරු මර්දන සතියක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (30) සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමිනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ.

පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින්, එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළා.

අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියහොත්, රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිමය කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු උණ රෝගීන් 27932දෙනෙක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම ගතවූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 16ක්.