28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රශ්නගත බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වූ දේ

ප්‍රශ්නගත බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වූ දේ

ජනාධිපතිවරයා විසින් ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසින් සභාගත කරන ලදී.

මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පැවසුවේ, ආණ්ඩුව මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත්, තමන් එය අද පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත්ය.

ඔහු තවදුරටත් හෙළිකර දැක්වූයේ, කමිටු වාර්තාව අනුව අවදානම් වර්ගීකරණය යටතේ රතු ලේබලය යොදා ඇති බහාලුම් 151 අතරින් 37ක් ස්කෑන් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවයි. එමෙන්ම, ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් ද පරීක්ෂාවක් නොකර නිදහස් කර ඇත.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ, රතු ලේබලය යටතේ ඇති බහාලුම් නිදහස් කිරීමට පෙර ස්කෑන් පරීක්ෂාවක් අනිවාර්ය වුවද, නිලධාරීන් එම බහාලුම් 37 පරීක්ෂා කරන ලෙස සටහන් කළ ද, කිසිදු පරීක්ෂාවක් නොකර ඒවා නිදහස් කර ඇති බවයි.

එසේම, ඔහු හෙළි කළ අන්දමට, බහාලුම් නිදහස් කිරීමේ තීරණය පසුගිය ජනවාරි 18 වැනිදා ගෙන ඇතත්, එයට පෙර දිනය වූ ජනවාරි 17 වැනිදා බහාලුම් 02ක් ද නිදහස් කර ඇත.