― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරටින් පැන්න නිශ්ශංක සේනාධිපති ලඟදීම දිවයිනට

රටින් පැන්න නිශ්ශංක සේනාධිපති ලඟදීම දිවයිනට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මීට ටික දිනකට පෙර මෙරටින් මාලදිවයින බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඇතැමෙක් ඔහු රටින් පැන ගිය බවට ප්‍රකාශ කළ අතර නිශ්ශංක සේනාධිපති දිනපතා ජාතික පුවත්පතක් අමතමින් කියා සිටියේ තමන් රටින් පැන නොගිය බවයි.

ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට තමන් සිටින්නේ ස්විට්සර්ලන්තයේ බවත් තමාගේ රාජකාරි තිබෙන්නේ ජාත්‍යන්තරය සමඟ බැවින් එවැනි කටයුත්තකට ස්විට්සර්ලන්තයට පැමිණි බවයි.

තමාගේ වැඩකටයුතු අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු එම පුවත්පතට පවසා තිබේ.

නිශ්ශන්ක සේනාධිපති රටින් පිට වූ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේ සීසීටීවී යන්ත්‍රද අක්‍රිය වූ බව වාර්තා වන අතර ජාතික ජන බලවේග මන්ත්‍රී විජිත හේරත් ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ සේනාධිපති වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.