29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ බ්‍රහස්පතින්දා දැයට සමුදෙයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ බ්‍රහස්පතින්දා දැයට සමුදෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු හා වූ ගාමිණී ලොකුගේ ඊයේ (30) දින රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත ගාමිණී ලොකුගේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (03) සවස පිළියන්දල දොලේ කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

1980 සහ 1990 දශකවල එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ, 2009 පසුව මහින්ද රාජපක්ෂ රජයට එක් වුණා.

එහිදී ඔහු අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස විදුලි බල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

අභාවප්‍රාප්ත ගාමිණී ලොකුගේ මහතාගේ දේහය අද දහවල් 12 සිට එළඹෙන 03 වැනිදා දක්වා පිළියන්දල හොන්නන්තර අංක 157/ 10/ A හි පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සවස සිදුකෙරේ.