― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජපක්ෂලාගේ තවත් වංචාවක් එළියට - අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

රාජපක්ෂලාගේ තවත් වංචාවක් එළියට – අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

මහ දවාලේ කපටි ගැසට් ගසමින් රාජපක්ෂලා සිදුකළ දකුණු ආසියාවේ මෙතෙක් සිදුකරන ලද විශාලතම වංචාව වූ සීනි වංචාව මෙතෙක් වංචාවක් නොව සාමාන්‍ය බිස්නස් කාරයන්ගේ වැඩක් යයි කියමින් සිටි ගෝඨාණ්ඩුවේම මුදල් අමාත්‍යාංශය මගින් එමගින් රජයට රුපියල් කෝටි 1590 ක බදු ආදායමක් අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත වාර්තා කර තිබේ. ඒ බව මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා විසින් පෙරේදා හෙළි කෙළේ ය.
සජාත් මව්සූන් සහ රාජපක්ෂලා..
2020 ජුනි මාසයේ දී ආනයනික සීනි වලට රුපියල් 50 ක බද්දක් පැනවූ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ඔක්තෝම්බර් 13 දා අංක 2197/12 දරණ ගැසට්ටුව මගින් එය එක්වරම ශත 25 ක් දක්වා සිතා ගත නොහැකි තරම් සුළු ප්‍රමාණයකට අඩු කෙළේය. ඒ වන විටත් තම ගජයා සජාත් මව්සූන් සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලංකාවට ආනයනය කිරීමට නැව් වලට පටවා අවසන් ය. රේගුව පවසන්නේ සාමාන්‍යයෙන් ලංකාවට මසකට සීනි ගෙන්වන්නේ මෙට්‍රික් ටොන් 45000 ක් පමණක් බවයි. එසේ නම් සජාත් එක්වරම සීනි ටොන් ලක්ෂයක් පමණ ගෙන්වීමට ඕඩර් දමා තිබුනේම ඔහු මේ මගඩිය දන්නා නිසාය. සජාත් ගේ සීනි තොග ලංකාවට ගොඩ බෑමෙන් පසු යළි ඔක්තෝම්බර් 27 දා යළි සීනි වලට රුපියල් 40 ක බද්දක් පැනවූයේ ය. ආනයනික බදු පිළිබඳ ගැසට්ටුවක් ගසා මාසයක් යන තුරු එය වෙනස් කර නැවත බදු වෙනස් කළ නොහැකි නමුත් මහින්ද එසේ කෙළේ ය.
ඒ අනුව ඔක්තෝම්බර් 27 න් පසුව නොවැම්බර් 13 දක්වාම ලංකාවට ආ සීනි වලට පැනවූ බද්ද වූයේ සත 25 ම ය. කෙසේ වෙතත් අන් කිසිදු සීනී ආනයන කරුවෙකුට මෙතරම් ඉක්මනින් සීනී ආනයනය කළ නොහැකි වූයෙන් අඩු කරන ලද බදු මුදලේ වාසිය මහජනතාවට ලැබුනේ නැති අතර සීනි වික්කේ පැරණි මුදලටම ය. එබැවින් මිල අඩු කරන බව දැන ඒ කාලය තුල සීනි ටොන් ලක්ෂ ගණන් ගෙන්වූ පිරිසට නිකම්ම ලාභය සාක්කුවට වැටිණ. ඒ ලාභය රජයට හිමි වූයේ ද නැත. මුදල් අමාත්‍යාංශයම අද පිළිගෙන ඇත්තේ එකී අහිමි වූ ආදායම රු. කෝටි 1590 ක් හෙවත් රුපියල් බිලියන 16 ක් පමණ වන බවයි.
මේ මහ දවල් මගඩිය ගැන පළමුවෙන් පාර්ලිමේන්තුවේ දී හෙළිකළ ජවිපෙ නායක අනුර පවා ඒ අවස්ථාවේ කීවේ අලාභය රුපියල් බිලියන 11 ක් පමණ විය යුතු කියා නමුත් දැන් මුදල් කාරක සභාවේ දී හෙළිවූ ආකාරයට එය බිලියන 16 ක් පමණ වේ.
ඉහත කී අහිමි වූ දැවැන්ත බදු ආදායම ලාභයක් සේ ගියේ සීනි ආනයන කරුවන් සුළු පිරිසක් අතට වන අතර ඉන් ප්‍රධානතම ලාභ ඉපැයූ පුද්ගලයා වූයේ රාජපක්ෂලාගේ ව්‍යාපාරික සුරතලෙකු වන ෂැන්ග්‍රිලා සමූහ ව්‍යාපාරයේ ද ඉහත කී සීනි ගෙන්වූ විල්මා ට්‍රේඩින් සමාගමේ ද සභාපති වන සජාත් මව්සූන් ය.
සජාත් මව්සූන්ට ෂැන්ග්‍රිලා ඉඩම ලැබුනේ ද රාජපක්ෂලාගෙනි. එහි කොමිස් මුදල ගියේ නාමල් රාජපක්ෂ අතට ය. ෂැන්ග්‍රිලා හෝටලයේ මහින්ද සහ ගෝඨාභය වෙනුවෙන් ලක්ෂරි සැලූන් අපාර්ට්මන්ට් දෙකක් නොමිලේ වෙන් කර තිබේ. ගෝඨාභය කරළියට නැංවූ වියත් මගේ ආරම්භ රැස්වීම පැවැත්වූයේ ද ෂැන්ග්‍රිලා හෝටලයේ වූ අතර ගෝඨාභය බලයට පත්වීමෙන් පසු පාටිය දැම්මේ ද ෂැන්ග්‍රිලා හෝටලයේ ය. ඒ සියල්ල සජාත් මව්සූන් විසින් රාජපක්ෂලාට නොමිලේ ලබා දුන් තෑගිය. දැන් ඒ වෙනුවෙන් රාජපක්ෂලා සජාත් මව්සූන්ට ප්‍රති උපකාර කර තිබේ.
මෙය දකුණු ආසියාවේ දැවැන්තම බදු මුදල් වංචාවයි..
මෙය දැනට දකුණු ආසියාවේ සිදුකර ඇති විශාලතම බදු වංචාව ය. පෙර දී වාර්තා වූයේ ලංකාවේ සිදුකරන ලද වැට් බදු වංචාවයි. එහි වටිනාකම රුපියල් කෝටි 400 කි. දැන් සිදුකර ඇති සීනි බදු වංචාව ඒ මුදල මෙන් 4 ගුණයකි.
රාජපක්ෂලා බලයට ඒමට දිවා රෑ මැතිරූ බැඳුම්කර වංචාව ලෙස ද මහ බැංකු හොරු ලෙසද හැඳින්වූ වංචාවෙන් රජයට ආදායම් අහිමි කළා යැයි දැනට ඇලෝෂියස්ලාට නඩු පවරා ඇත්තේ රුපියල් කෝටි 69 කට ය. එමෙන්ම එම මුදලට වඩා දෙගුණයක පමණ ඇලෝෂියස්ලා සතු මුදලක් මහ බැංකුව ඔවුන් වෙත නිකුත් නොකර රඳවාගෙන තිබේ. ඒ අනුව ඇත්තටම කියතහොත් රජයට අහිමි වූ මුදල මෙන් දෙගුණයක් දැනටමත් රජය සතුව තිබේ. නමුත් මේ වංචාව එසේ නැත. මෙය ඍජුවම මුදල් ඇමැති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් කරන්නට ඉඩ දුන් වංචාවකි. පට්ට මහ දවල් හොරකමකි. මෙකී රු.කෝටි 1600 ක් පමණ මුදලින් කීයක් රාජපක්ෂලා අතටම යලි ලැබුනා දැයි දන්නේ සජාත් මව්සූන් සහ රාජපක්ෂලා පමණි.
ජීවිතයම හොරකමට කැප කළ මහින්ද ඉල්ලා අස්විය යුතුය..
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමට පෙර ම සුනාමි අරමුදල් වංචා කෙළේය. “හිරේට යන්න ඕනෑ අයෙක් මම ජනාධිපති පුටුවට යැව්වා. මට සමාවෙන්න මට සමාවෙන්න මට සමාවෙන්න” යයි සුනාමි වංචා නඩුව විසිකරමින් මහින්ද නිදහස් කළ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාම පසුව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. ඉන්පසු මහින්ද ජනාධිපති වී බලයේ සිටි කාලය පුරා සෑම ගණුදෙනුවකින්ම මහජන මුදල් ගසා කමින් එක් රැස් කළ ධනය ඩොලර් බිලියන 18 ක් යැයි සුප්‍රකට ‘ෆොර්බ්ස්’ සඟරාව හෙළි කෙළේය. දැන් ඔහු ජීවිතයේ යන ගමන් සිටින අල්ල පනල්ලේ ද මහජන මුදල් රු. කෝටි 1600 ක් තරම් දැවැන්ත මුදලක් අහිමි කරමින් ගජමිතුරන්ට ගසා කන්න ඉඩ හදා දී තිබේ.
ඒ අනුව මේ මහා වංචාවට වරද පිළිගනිමින් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ධූරයෙන් සහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. ඒ සඳහා මහජනතාව බළ කළ යුතුය.
නන්දසීනි..
මෙම දැවැන්ත සීනි වංචාව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාවෙන් සනාථ වීමෙන් පසු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ව සමාජ මාධ්‍ය විසින් හඳුන්වන්නේ “නන්දසීනි” කියා ය. ඔහු සුදනෙක් නම් මේ වංචාවට වරද පිළිගෙන අයියාගේ අගමැතිධූරය සහ මුදල් ඇමැතිධූරය වෙනත් අයෙකුට පැවරිය යුතුය. 20 වැනි සංශෝධනයෙන් ඒ සඳහා බලතල ගෝඨාභයට පැවරී ඇත. රෙදි ගැලවී අමු හෙළුවෙන් යන ආණ්ඩුවට යාන්තම් හෝ විළි වසා ගත හැක්කේ අඩුම ගණනේ මහින්දගේ මුදල් ඇමැතිධූරය හෝ ඉවත් කළහොත් පමණි. එසේ නොකරන්නේ නම් ඔහු සත්‍ය වශයෙන්ම නන්දසේන නොව “නන්දසීනි” ය.
කෙසේ වෙතත් පසුගියදා සමාජ මාධ්‍ය හරහා පළ වූ කවි ගායනාවක තිබූ කවියකින් මෙම සටහන අවසන් කරමු.
වළං ගෙනා මතකද අම්බලමෙ පිනා
වළං බිඳපු මතකද අම්බලමෙ ගොනා
හරකෙක් එළවන්න තඩි බූරුවෙක් ගෙනා
හැට නම ලක්ෂෙ දැක්කම මට පුකෙන් හිනා

copied by facebook