27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට

රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට

අඩු කැරට් සහිත රන් බාන්ඩ වැඩි තක්සේරු වටිනාකමට උගස් ගැනීම සිදුකරමින් රුපියල් 99,370,100/= වංචාවක් සිදු කළ කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  රාජ්‍ය බැංකුවේ උකස් අංශයේ සේවය කරන මාණ්ඩලික සහකාර (තක්සේරුකරු) නිලධාරිනියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකාර මාන්ඩලික නිලධාරිනිය ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකාරිය පානදුර අළුබෝමුල්ල හොරණ පාර පදිංචි 31 හැවිරිදි  තැනැත්තියකි

සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ 01 මගෙන් විමර්ශන සිදු කෙරේ