26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනිඅවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනිඅවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කටාන – දෙමන්හංදිය ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරු මත ය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වන්නේ වයස අවුරුදු 51 සහ 58 තුල පසුවන කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. පොලීසිය විසින් එක් සැකකරුවෙකුගෙන් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් ගිනිඅවියක්, ටී.56 පතරොම් සඳහා යොදා ගත හැකි ස්වදේශීය ටීකටස් ගිනිඅවියක්, රිවෝල්වර් නිෂ්පාදනයට භාවිතා වන ආකෘතියක් සහ ගිනිඅවි නිෂ්පාදන උපකරණ රාශියක් ජප්තු කර ගෙන ඇත. අනෙක් සැකකරුවාගෙන් ස්වදේශීයව නිෂ්පාදිත ගිනිඅවි දෙකක්ද සොයාගෙන ඇත.

සැකකරුවන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ කටාන පොලීස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.