24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා පොලිස් පරීක්ෂක නිවස්න පරිපාලනයේ ලොකු අවුලක්

ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂක නිවස්න පරිපාලනයේ ලොකු අවුලක්

බම්බලපිටිය පොලිස් පරීක්ෂක නිවස්නයේ සභාපතිවරයාට විරුද්ධව එහිම පාලක මඩුල්ලෙන් විරෝධතාවක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ඒ සම්බන්ධයෙන් පොලිස්පති තුමන්ට ද පැමිණිලි කොට ඇති අතර පොලිස්පති තුමන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට පොලිස් අපරාධ කොට්ඨාසයට පවරා ඇත.ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිවස්නයේ ගිණුම බැංකු අයිරාවක් මත යැපෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කතරගම පොලිස් නිවස්නයේ මුදල් නොගෙවා පරිහරණය, විධායක කමිටුවේ නීති උල්ලංඝනය කරමින් රුපියල් 10000ණය සීමාව ඉක්මවා මාසිකව නිවස්නය භාවිත කිරීම, 66 වැනි සංවත්සරයේ දී ඡන්දයෙන් තේරී පත් වූ උපසභාපතිවරයා වෙනුවට වෙනත් අයෙකුගේ නම ව්‍යාජව ඉදිරිපත් කරමින් වාර්ථාවක් පොලිස්පතිවරයා වෙත යොමු කොට පොලිස්පතිවරයාව ද නොමග යවමින් ව්‍යාජ විධායක කමිටුවක් නිර්මාණය ඇතුළු චෝදනා රැසකින් යුතුව චෝදනා පත්‍රයක් එහි පාලක සභාව මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලක වෙත ඉදිරිපත් කොට ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරික්ෂණ කටයුතු සිදුවෙන බවද එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.