― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅවුරුදු කාලත් හමාරයි - සහල් මිල අහස උසට

අවුරුදු කාලත් හමාරයි – සහල් මිල අහස උසට

සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ සහල් කිලෝවක අවම මිල රුපියල් 200 – 240 ඉක්මවා ගොස් තිබේ.

සහන මිලකට සතොස වෙළඳසල් මගින් සහල් අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළද ආනයනික සහල් ඉල්ලුමට සරිලන ලෙසින් නොමැති බව සතොස වෙළඳසල් කිහිපයකින් කළ විමසීමේදී දැනගන්නට ලැබිණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සතොස වෙළඳසල්වල සහල්, වියළි මිරිස් ඇතුළු භාණ්ඩවල හිඟයක් පවතින ආකාරයක් දක්නට ඇති අතර අද ගම්පහ සමූපකාර වෙළඳසල්වල දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 200ක මිලකට අලෙවි කෙරුණු ආකාරයක් දක්නට ලැබිණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කරමින් මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.