ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට ( 14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන්.
හෙට පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ් අනුව නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය , බටලීය, අත්තනගල්ල , පස්යාල,ඌරාපොල,දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවා.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ එම මණ්ලඩය කණගාටුව පළ කරන අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ.