26.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වසර දෙකක කාලයක් සඳහා ඔහු එම ධූරයෙහි කටයුතු කරන බවයි.

නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය වන්නේ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයයි.

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 7කට ක්‍රීඩා කර තිබේ.