27.8 C
Colombo
Tuesday, September 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 සිට මේ දක්වා ඉන්ධන මිල පහළ ගිය හැටි

2024 සිට මේ දක්වා ඉන්ධන මිල පහළ ගිය හැටි

2024 අගෝස්තු 31 සිට 2025 අගෝස්තු 31 දක්වා කාලය තුළ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඉහත කාල සීමාව තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් 332 සිට 299 දක්වා රුපියල් 33කින් අඩුවී ඇති අතර එය 9.94% ප්‍රතිශතයකි.

ඕක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් 377 සිට 341 දක්වා රුපියල් 36කින් අඩුවී ඇති අතර එය 9.55% ප්‍රතිශතකි.

ඔටෝ ඩීසල් 307 සිට 283 දක්වා රුපියල් 24කින් අඩුවී ඇති අතර එය 7.82% ප්‍රතිශතයකි.

සුපර් ඩීසල් 352 සිට 313 දක්වා රුපියල් 39 කින් අඩුවී ඇති අතර එය 11.08% ප්‍රතිශතයක් බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පෙන්වා දෙන්නේ.

මේ අතර පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රි යේ සිට ඉන්ධන මිල යළි අඩු කිරීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ  ඔටෝ ඩීසල් මිල රුපියල් හයකින් පහළ දමා තිබෙනවා.

සුපර් ඩීසල් මිල පහළ දමා ඇත්තේ රුපියල් 12කින්.

මේ ආකාරයට  2024 අගෝස්තු 31 සිට 2025 අගෝස්තු 31 දක්වා කාලය තුළ ඉන්ධන මිල ගණන් ක්‍රමයෙන් අඩුවූ ආකාරය පහතින් දැක්වේ.