මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිම සඳහා පොලිසිය ගෙනයන මෙහෙයුම අඩාල කිරිමට ඇතැම් පිරිසක් අසත්‍ය වාර්තා පලකරන බව පොලිසිය පවසනවා.
එවැනි අසත්‍ය පුවත් පළකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගැනිමෙන් පසුව මෙරටට රැගෙන එනු ලැබුවා.
එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරිමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබු රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවුණා.
එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.
එවැනි පසුබිමක රතු ලේබල් කර තිබු මෙම බහාලුම් නිදහස් කර ඇති බවට සදහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක්ද සහිතව ව්‍යාජ පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන්නේ.
මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය පළ කිරිමක් බව අවධාරණය කරන පොලිසිය මෙවැනි පුවත් පල කිරිමෙන් උත්සාහ ගන්නේ මෙම මෙහෙයුම් අඩාල කිරීම / නිලධාරින් අපහසුතාවට පත්කිරිම මෙන්ම පොලිසිය අපකීර්තියට පත්කිරිම බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
සංවිධානාත්මක අපරාධ වලට උත්තේජනයක් ලබාදෙන සුළුතර පිරිසකගේ මෙවැනි උත්සාහයන් පිළිබඳ පොලිසිය දැඩි අවධානය යොමුකර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


