27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පවසනවා.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමේ රජය සැලසුම් පිළිබඳව පසුගිය දා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.

එම අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කෙරෙනවා.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි මධ්‍යම බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් හිස්කර ඔවුන්ට ලබා දීමට නියමිතයි.

මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතයි.
මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පොළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදු කෙරෙනවා.