මේ වසරේ (2025) දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 කින් වර්ධනය වී ඇත.
මේ අනුව ගිය වසරේ (2024) දෙවන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2,749,504 ක් ලෙස
වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, මේ වසරේ ( 2025) දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 2,883,559 ක් දක්වා ඉහළ
ගොස් ඇත.
මේ වසරේ (2025) දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා
ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 2.0, සියයට 5.8 ක් සහ සියයට 3.9 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා
කර ඇත.
2025 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (15 ) මේ බව අනාවරණය කළේය.