27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමාත්‍යාංශ ලේකම්වරු 02ක් සහ සභාපතිවරු 02කට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු 02ක් සහ සභාපතිවරු 02කට අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක්ට සහ සභාපතිවරුන් දෙදෙනෙක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය 12 වන දින රැස්වුණු අදාළ කාරක සභාව විසින් මෙම පත්කිරීමට අනුමැතිය ලබාදී ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අරුණි රණරාජා මහත්මියගේ නම සහ නාගරික සංවර්ධනල ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ලෙස යූ.ජී. රංජිත් ආරියරත්න මහතාගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලෙස ඒ.පී.එල්. ප්‍රනාන්දු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ලෙස ජේ.එම්.එස්.එන් ජයසිංහ යන මහත්වරුන්ගේ නම් ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.