ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සතු බලපත්‍රය යටතේ සත්ව ආහාර නිෂ්පාදනයට පාකිස්ථානයෙන් බඩ ඉරිගු ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් කළේ යැයි කියන සමාගම් විසින් එම මණ්ඩලයේ හිටපු නිලධාරීවරයකුට රුපියල් ලක්ෂ 50 තුටු පඩුරක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයෙ පැවසීය.
2023 වසරේ අගෝස්තු මාසයේදී මෙම බඩ ඉරිඟු ආනයනය කර ඇති බවත්, මෙරටට සත්ව ආහාර ආනයනය කිරීමේ එකම බල අධිකාරිය වන ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලයට රාජ්‍ය කොටස නොගෙවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුව ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි ඉටු නොවීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදුවී ඇති බවට පෙනී යන බවත් ,ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල හිටපු නිලධාරියකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ පණහක මුදලක් බැර වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.
බඩ ඉරිඟූ මෙට්‍රික් ටොන් 25000 ක් 2023 වසරේදි ආනයනය කිරීම සඳහා පුද්ගලික සමාගම්ලට අවසර ලබා දීම තුළින් මෙම පාඩුව හා වංචාව සිදු වී ඇති බව ද පැවසීය.
මෙම විමර්ශනය කැඳවූ අවස්ථාවේදී සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කර රජයට පාඩු හා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත පුද්ගලික සමාගමක අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා කරුණු දක්වමින් කියා සිටියේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් 121864655.00ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත පියවීම නොකර මෙම වංචාව හා පාඩුව සිදු කර ඇති බවය. පොලිසිය මෙසේද කරුණු ඉදිරිපත් කළේය.