ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු සාමාන්‍යපරිදී සිදු කෙරෙන බව සේවකයන් පවසනවා.
ජනතාව පවසන්නේ කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩ සේවාවක් තමන්ට ලැබෙන බවයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය නොකරන ලෙස ඉල්ලමින් එහි ඇතැම් සේවකයන් අද(17) දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළද බොහෝ සේවකයින් සේවයට වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම මණ්ඩලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි නිලධාරීන් මෙන්ම ජනතාව ද පවසන්නේ.
මේ අතර විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළද ආයතනය කිසිසේත් පෞද්ගලිකකරණය නොකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(16) අවධාරණය කළා.
ඒ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි.