කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (18දා) පැය 09ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට අද ජල සැපයුම අත්හිටුවන අතර බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල,
නුගේගොඩ, නාවල, කොලොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට මෙලෙස පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.