මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බදු මුදල් එකතු කරන්නා සේ මාසයක් ගානේ අපරාධ කරුවන්ගේ නිවෙස් වලට ගොස් මන්ත්‍රීවරුන් මෙලෙස මුදල් එකතු කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
සමහර ඇමතිවරු මාස් පතා මෙම අපරාධ කරුවන් ගෙදරට ගෙන්නා ගෙන තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වැඩ ඇරැඹීමේ උත්සවය (17)අමතමිනි.
මෙම සංවිධානාත්මක අපරාධ කල්හි මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර තිබූ බව කී ජනාධිපතිවරයා රටෙි නීත්‍යනුකූල හමුදාව විසින් ඔවුන්ට අවි ආයුධ ලබා දී ඇති බව අනාවරණය කළේය.
“කුඩු මැඩ පැවැත්වීම සඳහා සිටින පොලිසිය විසින් ඒ අපරාධකරුවන්ගේ කුඩු ප්‍රවාහනය කළා.අපරාධ මැඩ පැවැත්වීමට ප්‍රතිපත්තියමය එකඟතාවයක් තිබෙන දේශපාලන අධිකාරිය විසින් ඔවුන්ට රැකවරණය ලබා දුන්නා.නීති විරෝධී පාස්පෝට් වැලැක්වීමට සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුනට පාස්පෝට් හදා දී තිබුණා.නීත්‍යානුකූලව මෝටර් රථ ලියාපදිංචි කිරීමට තිබෙන ආයතනය විසින් ඔවුන්ට මෝටර් රථ ලියාපදිංචි කරදී තිබුණා.
එමෙන්ම ඔවුන්ට එම ආයතන විසින් නීතියේ රැකවරණ ද ලබා දී තිබුණා” යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී කීය.