― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය තර කෙරේ

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය තර කෙරේ

නැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය වැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

රුසියාවෙන් යළිත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණ වන අතර රුසියාව කියා සිටියේ නැගෙනහිර යුක්‍රේනයෙන් තම හමුදා මුළුමණින්ම ඉවත් වී ඇති බවයි.

යුක්‍රේන හමුදා සහ ස්වෙච්ජා භටයින්ගේ ප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදාවට නැගෙනහිර ප්‍රදේශයේදී සැලකිය යුතු තරම් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යය, අමෙරිකාව හා යුරෝපා සංගමය යුක්‍රේනයට ආධාර සැපයීම නිසා යුක්‍රේනය ශක්තිමත් වී ඇත. යළිත් රුසියාව එම ප්‍රදේශ ආක්‍රමණය කළහොත්, ප්‍රතිප්‍රහාරයකට සූදානම් බව යුක්‍රේනය පවසයි.