26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියානු කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය අද

ආසියානු කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය අද

ආසියානු කුසලාන 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (18) පැවැත්වීමට නියමිතයි.

තරගය අද(18) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවනවා.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ සුපිරි 4දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71කට වැඩි සංඛ්‍යාවකින් හෝ පන්දුවාර 11යි එක් පන්දුවකට පෙර ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමවලට එම අවස්ථාව හිමිවනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට අඩු ලකුණු සංඛ්‍යාවකින් හෝ අඩු පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී පරාජයට පත්වුවහොත් දෙවන වටයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම යි.