― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසජබයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවක්

සජබයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ නීතිඥයින් කණ්ඩායමක් මඟින් මේ වන විට එම යෝජනාව සකස් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල හිමි අගමැති පාලන ක්‍රමයක් යෝජනා කර ඇත.
ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයට පෙර ඉහත යෝජනාවලිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.