24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් – සිංහ පුතුන් සුපිරි 4 වටයට

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් – සිංහ පුතුන් සුපිරි 4 වටයට

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා .

‘බී’ කාණ්ඩයේ තරග අවසන් කරමින් අබුඩාබි හිදී (18) පස්වරුවේ පැවති තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමටයි ශ්‍රීලංකා කණ්ඩායම සමත් වුණේ .

මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 170ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවුණා .

එහිදී අනගි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස් කළ අතර පන්දු 52කින් ගොඩනැගුණු කුසල්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් .

ඔහුට අමතරව කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් නොදැවී ලකුණු 26ක්ද, කුසල් පෙරේරා පන්දු 20කින් ලකුණු 28ක්ද රැස්කිරීමට සමත් වී තිබුණා .

කෙසේ නමුත් ලකුණු 170ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකාව තරගයේ 13වන පන්දුවාරයේදී ලකුණු 101 සීමාව පසුකරයෑමත් සමග සුපිරි 4 වටයට පිවිසියා .

ඇෆ්ගනිස්තානය ලැබූ මෙම පරාජයත් සමග ඔවුන් තරගාවලියෙන් ඉවත්ව වූ අතර, බංග්ලාදේහය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවා