30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉල්ලීම් 12කට විසඳුම් දී තිබියදීත් විදුලි සේවකයන් තවමත් අකුරට වැඩ

ඉල්ලීම් 12කට විසඳුම් දී තිබියදීත් විදුලි සේවකයන් තවමත් අකුරට වැඩ


විදුලි පාරිභෝගිකයන් අපහසුතාවකට පත් නොවුනත් විදුලි සේවකයින් අද දිනයේදීත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා.

ලබන 21 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති පවසන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යන ලෙසටත් සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසත් ඉල්ලමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිස ඇත්තේ.

කෙසේ වෙතත් ඔවුන් ඉල්ලීම් 24 ක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ වන විටත් විදුලි සේවකයින් ඉදිරිපත් කළ සාධාර ඉල්ලීම් 14න් 12කට විදුලි බල අමාත්‍යවරයා විසඳුම් ලබාදීමට එකඟත්වය පළකර ඇති අතර  එම විසඳුම් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඔවුන් එළඹී ඇත්තේ.

වත්මන් රජය විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බවට ස්ථිරව ප්‍රකාශ කර තිබියදීත් මෙවැනි උද්ඝෝෂණ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන් සිදුකරන ක්‍රියාවන් බවයි විදුලිබල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඇතැම් විදුලි සේවකයින් ආරම්භ කර ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය විදුලි පාරිභෝගිකයන්ට තවමත් බලපෑමක් සිදුකර නැහැ.