අල්ලස් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වී ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, ඒ අනුව මෙම අධිකරණවලින් පළමු අධිකරණය එළඹෙන සතියේදී ස්ථාපිත කරන බවයි.
මෙම අධිකරණ දෙක පිහිටුවීමෙන් පසුව, අල්ලස් නඩු ඉක්මනින් විභාග කර, වරදක් කර ඇත්නම් අවශ්‍ය දඬුවම් නියම කිරීමට හැකියාව ලැබෙන බව ඔහු පවසනවා.
දැනට පවතින නීතීමය ක්‍රමවේදය අනුව, අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇප ලබාගෙන එළියට පැමිණීමෙන් පසුව, රූපවාහිනියට කතා පවත්වන චක්‍රයෙන් අල්ලස අවසන් නොවන බවයි රංග දිසානායක මහතා අවධාරණය කළේ.
අල්ලස තුරන් කළ හැක්කේ දඬුවම් ලබා දීමෙන් පමණක් බවයි ඒ මහතා පවසන්නේ.