30 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුදල් නෝට්ටු ගැන ජනතාවට දැනුම්දීමක්

මුදල් නෝට්ටු ගැන ජනතාවට දැනුම්දීමක්

දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා මුදල් පරිහරණය කිරීමේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරීව හා අවධානයෙන් යුතුව තහවුරු කර ගන්නා ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

මුදල් නෝට්ටු ව්‍යාජ නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව මුදල් නෝට්ටු පරිහරණය කිරීමටත් එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලද වහාම ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන ලෙසද දැනුම් දෙයි.

ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 478 A-D යටතේ සිරගත කිරීමට, දඩයකට ලක්වීමට හෝ එම දඬුවම් දෙකටම ලක්වීමට හැකිය.

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගෙන ඒවා මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශණ අංශය සමඟ සමීපව කටයුතු කරයි.

මේ අතර සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි.

මේ වසරේදී ව්‍යාජ පන් දහසේ නෝට්ටු 407ක් පොලීසිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි.