29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගෝස්තුවේ උද්ධමනය නගී

අගෝස්තුවේ උද්ධමනය නගී

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 1.5 ක් දක්වා වැඩි වී ඇත.

පසුගිය ජූලි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 0.7 ක් විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22දා) 2025 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කළේය.

එසේම 2025 ජූලි මාසයේ දී සියයට 2.2 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 අගෝස්තු මාසයේ දී සියයට 2.9 ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2025 ජූලි මාසයේ දී සියයට ඍණ 0.6 ක්වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.4 ක් දක්වා ද වැඩි වී ඇත.