25.6 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් මෙහෙයුම්වලින් ඊයේ සැකපිට 1,006ක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම්වලින් ඊයේ සැකපිට 1,006ක් අත්අඩංගුවට

පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (24) දින මෙම මෙහෙයුම්වලට අදාළව පුද්ගලයින් 28,669 දෙනෙකු පරික්ෂ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එසේ පරික්ෂා කළ පුද්ගලයින් අතරින් සැකපිට 1,006ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 31ක් ද, අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් 378ක් සහ අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් 223ක් බව පොලිසිය පවසනවා.

තවද, බීමත් රියදුරන් 63ක් ද, අපරීක්ෂාකාරි රිය පැදවීම්වලට 20ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම රථවාහන වෙනත් වැරදි 4,364ක් හඳුනාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ