30 C
Colombo
Saturday, October 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටේ ආර්ථිකය පිබිදිලා ජනතාව පොහොසත් වෙලා

රටේ ආර්ථිකය පිබිදිලා ජනතාව පොහොසත් වෙලා

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා තරුණ පරපුර ඇතුළු ජනතාව අතර විශාල උනන්දුවක් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික පිබිදීමත් සමග ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යෑම නිසා සතියේ දිනවල පවා විශාල ජනකායක් BMICH පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බවයි.

වර්තමාන ආණ්ඩුවට රට පාලනය කිරීමේ දී උගත් බුද්ධිමත් පරපුරක් අවශ්‍ය නිසා මෙවැනි කියවන හදාරන පිරිසක් දක්නට ලැබීම විශාල සතුටක් බව ද ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

BMICH පරිශ්‍රයේ දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.