මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ඊයේ (8) පස්වරුවේ කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව හෙරොයින් කිලෝ 9ක්, අයිස් කිලෝ 2 හා හෑෂ් කිලෝ 1ක් තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නුවරඑළිය අපරාධ විමර්ශන කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔවුන් විසින් සැකකරුවන්ව කඩවත පොලීසිට භාරදීමට කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක කාන්තාවක් සහ 26ක පිරිමි පුද්ගලයෙක්.
ඔවුන් අද (9) දිනයේ දී මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.