මහා පරිමාණ සිමෙන්ති නිෂ්පාදන ආයතන තිකුණාමල වරාය සහ හම්බන්තොට වරාය අවට පරිසරය හා මහා මාර්ග විනාශ කරන තත්වයට දැන් පත්ව ඇත.
හම්බන්තොට වරායේ සිට කර්මාන්ත ශාලා දක්වා සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (ක්ලින්කර් – clinker, ජිප්සම් -gypsum , ස්ලැග්- slag ) පැටවීම හා බෑම (loading unloading) අවස්ථාවලදී මෙන්ම ප්‍රවාහනයේදී ද විශාල වශයෙන් දුවිලි අංශු පරිසරයට මුදා හැරෙන බවත් එම තත්වය තුල බරපතල පාරිසරික විනශයක් සිදුවන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරති.
ඇතැම් සිමෙන්ති සමාගම් සංවෘත වාහක පටි (Covered Conveyer Belt) මගින් ප්‍රවාහනය කිරීමේ තාක්ෂණය උපයෝගිකර ගෙන ඇතත්, ඇතැම් සමාගම් එවැනි තාක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය නොකොට විවෘත ස්ථානවල ( open ground) මෙම අමුද්‍රව්‍ය ගොඩ බැම් සිදුකිරීම නිසා මෙවැනි තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
ඇතැම් සිමෙන්ති සමාගම් හම්බන්තොට වරායේ සිට ඔවුන්ගේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාව දක්වා ආවරණය නොකෙරු ට්‍රක් රථ මගින් මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍යවේදීන් සහ පරිසරවේදීන් පවසන්නේ, දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන සංවෘත වාහක පටි (කන්වේයර් බෙල්ට්) භාවිතා කළහොත් අපතේ යෑම් සහ පරිසර දූෂණය අවම වන බවයි.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් අදාල ප්‍රදේශයන්හි ප්‍රදේශ වාසීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද විශාල හානියක් සිදුව ඇත. මෙම අමුද්‍රව්‍ය වල පවතින ඇතැම් රසායනික අංශු නිසා පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි පරිසර පද්ධතිය දැවැන්ත හානියක් දැනටමත් සිදුවී ඇති අතර මෙම හානිය දිගින් දිගටම සිදුවුවහොත් නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට වුවද සිදුවන බව ඔවුන් පෙන්වා දෙන ලදී.
අවස්ථා කිහිපයකදීම පරිසරවේදීන් මෙම කාරණය පරිසර අමාත්‍යංශයට සහ එහි ඉහල නිළධාරීන් දැනුවත් කර ඇති අතර, තවමත් ඔවුන් මුනිවත රැකගන්නේ එම සිමෙන්ති ආයතන වලින් කාලයක පටන් වරප්‍රසාද ලබා ගන්නා නිසාද යන්න අපට ගැටලුවකි. වත්මන් රජය අපරාධ සහ දූෂණය පිටුදකින වැඩ පිළිවෙලක් දියත් කර ඇති යුගයක, පරිසර අමාත්‍යංශයේ සහ එහි ඉහල නිළධාරීන් ගැන රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතුමයි.
සිමෙන්ති අමුද්‍රව්‍ය ගොඩබැම සහ ප්‍රවාහනය සම්බන්දයෙන් පරිසර අමාත්‍යංශය සහ එහි ඉහල නිළධාරීන් ,ජාත්‍යන්තරය පිලිගත් නිසි ක්‍රමවේදයක් ලබාදෙන තුරු මේ සම්බන්ධව විමසිල්ලෙන්..





