විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ රියැදුරකු විසින් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ පොලිස් ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකද අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (27) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර කළා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරු විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා සිදුකල මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි රැසක් ලැබි තිබු අතර ඒ සම්බන්ධයෙන් කාර්යාංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් මෙහෙවා තිබෙනවා.
කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා විසින් වහාම මේ සම්බන්ධව කටයුතු කරන ලෙස පොලිස් ඒකකකය වෙත උපදෙස් ලබා දී තිබූ අතර, ඒ අනුව අදාළ මුදල් බැර කළ බැංකු ගිණුම් හිමි කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය (25) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම කාන්තාව අදාළ රියදුරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වුණා.
අදාල රියදුරු මේ වන විට විමර්ශ නිලධාරීන් මඟ හරිමින් සැඟවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පුලුල් විමර්ශන මෙහෙයවනවා.
සැකකාර රියදුරට එරෙහිව මේ වන විට කාර්යාංශයට පැමිණිලි අටක් ලැබී ඇති අතර රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.
එම පැමිණිලිවලට අනුව ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් රැස්කර තිබෙනවා.
එහිදි එම රියදුරා විසින් වංචාකර ලබාගත් මුදල්, අත්අඩංගුවට ගත් කාන්තාවගේ ගිණුමට බැර කර ඇති බව විමර්ශනවලදී හෙළි වෙයි.
මේ සිද්ධියට අදාලව වංචාවන්ට හසුවු පුද්ගලයන් සිටිනම් වහාම කාර්යාංශයට දන්වන ලෙස ඉල්ලා සිටින අතර 1989 දුරකථනයට ඒ බව දැනුම් දිය හැකියි.
මෙම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (26) දින අවිස්සාවේල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
කාර්යාංශයේ නම භාවිතා කරමින් සිදුකරණ විදේශ රැකියා වංචාවන් නීතියේ රැහනට හසුකර ගැනිම සදහා පුලුල් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, විදේශ රැකියා වංචාවන්ට හසුවන පුද්ගලයින්ට තරාතිරම නොබලා දැඩිදඩුවම් ලබා දිමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
කාර්යාංශයේ පිහිටවන ලද නව පොලිස් ඒකකය මගින් මේවන විට විදේශ රැකියා වංචාවන් රැසක් හෙලිකරගෙන ඇති අතර ඉදිරියේදි ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට කටයුතු යොදා ඇති බවද ඔහු කියා සිටියා.


