ඇෆ්ගනිස්තානයේ බැංකු ක්‍රමවේදය බිඳ වැටීමට ආසන්න මට්ටමේ පවතින බව එරට ජාතික බැංකුවක ප්‍රධානියකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. ඇෆ්ගනිස්තාන ඉස්ලාම් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සයිඩ් මෝසා කලීම් අල්-ෆලාහි මේ ප්‍රකාශය සිදු කර ඇති අතර, ඔහු පවසන්නේ එරට පාරිභෝගිකයන් මේ හේතුවෙන් දැඩි කළබලයට පත් වී සිටින බවය. මේ තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය අවදානමක පවතින බව ඔහු සඳහන් කර ඇත. මේ අවස්ථාවේ විශාල වශයෙන් මුදල් ආපසු ගැනීම් සිදු වන බව ඩුබායි නගරයේ සිටින අදාළ බැංකු ප්‍රධානියා මාධ්‍ය පවසා තිබේ. දැනට සිදුවන්නේ මුදල් ආපසු ගැනීම් පමණක් බවත්, ඇතැම් බැංකු ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කර තිබේ. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමට පෙර ද එරට බැංකු අස්ථාවර මට්ටමක පැවැති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
