රටේ පවතින වර්ථමාන අර්බුද හමුවේ පත්වෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කල බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.
රටේ එකීයත්වය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ඉදිරියටත් තමාගේ යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.