― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews225 ගෙදර යවලා රට කරන හැටි මට පොඩ්ඩක් කියලා දෙන්න

225 ගෙදර යවලා රට කරන හැටි මට පොඩ්ඩක් කියලා දෙන්න

ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙස උද්ඝෝෂණය කලත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැර වෙනත් කණ්ඩායමකට බලය ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති බවත් එවැනි යාන්ත්‍රනයක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ගාලුමුවදොරට රැස්වී සිටින උද්ඝෝෂකයින්ට තමන් යෝජනා කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (16) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“පාර්ලිමේන්තුවේ 225 ඉවත් වෙලා අපි ඊළඟට රටේ පාලනය භාර දෙන්නේ කාටද කියන ප්‍රශ්නය තිබෙනවා. එහෙම බාරදෙන යාන්ත්‍රණ කුමක්ද කියලා මේ යෝජනා ඉදිරිපත් කරන අයගෙන් මම අහනවා. මේ කියන විදිහට විපක්ෂයට රට බාර දෙන්නත් බැහැ. මොකද මේ අය කියන්නේ 225 අයින් වෙන්න ඕනෑ කියලයි.

ගාලූමුවදොරට එක්වී සිටින පිරිස් අතර බුද්ධිමතුන් ඉන්න බව කියනවා. ඒ අයට රට බාර දෙන්න යෝජනා කරනවා. මෙලෙස රටක පාලන භාරදීමේ ක්‍රමවේදයක් ලෝක දේශපාලන ඉතිහාසය තුළ මා දැක නැහැ. අදාළ ක්‍රමවේදය පැකේජයක් ලෙස ඉදිරිපත් කළොත් අපි සලකා බලනවා. මේවගේ එල්ලිලා ඉන්න අපිට අවශ්‍යතාවයක් නැහැ දේශපාලනය හැර කරන්න විකල්ප දේවල් ඕන තරම් අපිට තියෙනවා.”

උපුටා ගැනීම – අද පුවත්පත