― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනව පාසල් වාරය අදින් ඇරඹෙයි

නව පාසල් වාරය අදින් ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (18) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතිරේක පැයක පාසල් කාලය අත්හිටවූ බවත් එම කටයුතු තවදුරටත් සංවිධානය කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

2022 වර්ෂයේ සිංහල සහ දෙමළ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හෙට (19) සිට සිදු කිරීමට තීරණය කර ඇති අතර මුස්ලිම් පාසල් සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන මැයි මස 05 වැනිදා සිදු කිරීමට
නියමිතය.

සෞඛ්‍ය නීතිරිතිවලට අනුකූලව කෙටි කාලයක් තුළ මෙම වැඩසටහන් පවත්වා අවසන් කිරීමට විදුහල්පත්වරුන් වගබලා ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.