28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබ්‍රිතාන්‍ය තෙල් පෝලිම දිග්ගැස්සෙයි

බ්‍රිතාන්‍ය තෙල් පෝලිම දිග්ගැස්සෙයි

හමුදාවත් කැඳවයි

දින හතරක් පුරා උද්ගත වී ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් හැසිරවීමට හමුදාව කැඳවීමට රජය සූදානමින් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. සීමාව ඉක්මවා මිල දී ගැනීම් සිදු කිරීම නිසා ඉන්ධන තොග අවසන් වී ඇතැයි ද, ඉන්ධන පිරවුම්හල්වල හිඟය මඟ හැරවීම සඳහා යුද හමුදා ඉන්ධන බවුසර් රියැදුරන් 150ක් සිවිල් සේවයේ යෙදවීමට සීරුවෙන් තබා ඇතැයි ද බීබීසී පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිඟයක් මතුවී ඇත්තේ බවුසර් රියැදුරන්ගේ හිඟය නිසා ඉන්ධන අර්බුදයක් උද්ගත වනු ඇතැයි යන සැකය මත පාරිභෝගිකයන් අධික ලෙස ඉන්ධන මිල දී ගැනීමට කටයුතු කිරීමෙනි. කෙසේ වෙතත් තෙල් පිරිපහදුවල ප්‍රමාණවත් අයුරින් ඉන්ධන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ආහාර සැපැයුම් කර්මාන්තය, සුපිරි වෙළෙඳසැල් වැනි ක්ෂේත්‍ර රැසක පසුගිය කාලයේ ඇති වූ වර්ධනය නිසා ලොරි රථ රියැදුරන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක හිඟයක් මතුවී තිබේ. බවුසර් රථ රියැදුරන්ගේ හිඟය මඟ හරවා ගැනීමේ විසඳුමක් ලෙස බරවාහන රියැදුරන්ට සහ ගොවිපොළ ආශ්‍රිත රැකියාවේ නිරතවීමට විදේශිකයන් 10,500කට තාවකාලික වීසා බලපත් නිකුත් කිරීමට බ්‍රිතාන්‍යය පසුගියදා තීරණය කළේය. බ්‍රිතාන්‍ය රජයේ නිවේදනයට අනුව බරවාහන රියැදුරන් පන්දහසකට සහ ගොවිපොළ ආශ්‍රිත රැකියා කරන්නන් 5,500කට නව වීසා බලපත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.