31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිලිපීනයේ ජනපතිවීමේ අපේක්ෂාවෙන් පැකියාඕ බොක්සිං වළල්ලට සමු දෙයි

පිලිපීනයේ ජනපතිවීමේ අපේක්ෂාවෙන් පැකියාඕ බොක්සිං වළල්ලට සමු දෙයි

පිලිපීනයේ මීළඟ ජනාධිපතිවරයා වීමේ අපේක්ෂාවෙන් පසුවන සුප්‍රකට බොක්සිං ක්‍රීඩක මැනී පැකියාඕ සිය දේශපාලන ජීවිතයට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කළේය. බොක්සිං වළල්ලට සමු දෙන පිලිපීනයේ සෙනෙට් මණ්ඩලයේ සාමාජිකයකු ද වන 42 හැවිරිදි පැකියාඕ ලබන වසරේ පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

බොක්සිං ක්‍රීඩාවේ සියලුම බර පන්තිවල ශූරතා දිනා ඇති මේ විශිෂ්ට ක්‍රීඩකයා පසුගිය මාසයේ අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති සිය අවසන් බොක්සිං තරගයේදී කියුබාවේ යොර්ඩෙනිස් උගාස් හමුවේ පරාජයට පත් විය.

පිලිපීනයේ දිළිඳුකම තුරන් කිරීමටත්, ජනතාවගේ ජීවන රටාව උසස් කිරීමටත් සිය දායකත්වය දිය යුතු බව බොක්සිං වළල්ලට සමුදෙමින් ඔහු පැවැසීය.

ක්‍රීඩාලෝලීන්ට සහ මිතුරන්ට ස්තූතිය පුද කළ පැකියාඕ සිය පුහුණුකරු ෆ්‍රෙඩී රෝච්ට විශේෂ ස්තූතිය පිරිනැමීමට අමතක නොකළේය. ඔහු ෆ්‍රෙඩී හඳුන්වා දුන්නේ ‘මගේ පවුලේ සාමාජිකයෙක්, මගේ සොහොයුරෙක්, මගේ මිතුරෙක්‘ යනුවෙනි.

ඔහු බොක්සිං වළල්ලෙන් සමු ගන්නා විට වාර්තාගත ලෙස තරග 62ක් ජයගෙන සිටි අතර, තරග 8ක් පරාජයට පත් වී තිබිණි.