උග්‍ර ආහාර හිඟය හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල දැඩි හිඟයක් උද්ගත වීමෙන් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් තිබුණද, එරට පොපි මල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ. පොපි මල් සාරයෙන් සකස් කරනු ලබන අබිං අලෙවි කරන දකුණු ඇෆ්ගනිස්තානයේ වෙළෙඳුන් කියා සිටින්නේ තලේබාන් සංවිධානය එරට බලය පවරා ගැනීමෙන් පසු අබිං මිල ගණන් ඉහළ ගොස් ඇති බවය.
ඉස්ලාම් දහමට අනුව මත්ද්‍රව්‍ය තහනම් වූවත්, දශක ගණනාවක් පුරා ඇෆ්ගනිස්තානයේ අබිං ව්‍යාපාරය සිදු කෙරෙමින් පවතින අතර, අන්තර්ජාතික ජාවාරම්කරුවන්ට විශාල වශයෙන් තොග බෙදා හරිනු ලැබේ.
පසුගිය කාලයේ යුරෝපයේ හටගත් දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් හෙරොයින් නිෂ්පාදනයට ගන්නා අබිං සඳහා වූ මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.