28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑන්නත ප්‍රතික්ෂේප කළ අමෙරිකා ගුවන් සේවයේ 600කට රැකියා අහිමිවීමේ අවදානමක්

එන්නත ප්‍රතික්ෂේප කළ අමෙරිකා ගුවන් සේවයේ 600කට රැකියා අහිමිවීමේ අවදානමක්

කොවිඩ් මර්දන එන්නතකරණ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් අමෙරිකාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන ‘යුනයිටඩ් එයාර්ලයින්ස්‘ සේවකයන් 600කට ආසන්න සංඛ්‍යාවකට රැකියාව අහිමිවීමේ අවදානමක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට ලබා දී තිබූ කාලසීමාවේ අවසන් දිනය වූ පසුගිය සඳුදා වනවිට සේවකයන් 67,000කගෙන් සමන්විත අමෙරිකා ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් එන්නත්කරණයට ලක්වී සිටි බැවින් මේ තීරණයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

කෙසේ වුවත් මෙය ඉතා අසීරුවෙන් ගත් තීරණයක් බව එම ගුවන් සමාගමේ පාලනාධිකාරිය සේවකයන්ට දැනුම් දී ඇත. එන්නත්කරණයට ලක් වූ සේවකයන් එන්නත ගත් බවට තහවුරු කෙරෙන ලිපිය හෝ කාඩ් පත අවසන් දිනය වන විට සිය නිල වෙබ් අඩවියට මුදා හැරිය යුතු බවටද නියම කර තිබිණි.

සේවයෙන් පහ කිරීමේ අවදානමකට මුහුණ පා සිටින 593ක් පමණ වන සේවකයන් පිරිස එන්නත්කරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ආගමික හෝ සෞඛ්‍ය හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා දැයි නිදහසට කරුණු කිසිවක් ඉදිරිපත් කර නැත.