30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයේ මීළඟ අගමැති කිෂිඩා

ජපානයේ මීළඟ අගමැති කිෂිඩා

ජපානයේ පාලක පක්ෂයේ නායකයා තේරීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ හිටපු විදේශ ඇමැති ෆුමියෝ කිෂිඩා එරට මීළඟ අගමැතිවරයා වීම තහවුරු වී ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කළේය. පක්ෂයේ නව නායකයා වනු ඇතැයි අනාවැකි පළවී තිබූ ජපානයේ කොවිඩ් එන්නත්කරණය සඳහා පත් කර සිටි ඇමති ටාරෝ කොනෝ පරාජය කරමින් කිෂිඩා පාලක පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් වූයේ ඡන්ද 257ක් ලබා ගනිමිනි. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු අගමැති යොෂිහිඩේ සුගා පසුගියදා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර, පක්ෂයේ නව නායකයා ලෙස 64 හැවිරිදි කිෂිඩා ලබන සඳුදා ජපානයේ නව අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය. එමෙන්ම ලබන නොවැම්බර් මාසයේ එරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙමින් මැතිවරණ සටනට එක්වනු ඇත.

පක්ෂයේ නව නායක කිෂිඩා හිටපු අගමැතිවරයකු වන ෂින්සේ අබේගේ අනුප්‍රාප්තිකයා වූවද, පසුගිය මැතිවරණයේදී ඔහු පසෙකට දමමින් සුගාට අගමැතිධුරය ලබාදීමට අබේ කටයුතු කර තිබිණි.