29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය හෙට (20) කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා විසි එකක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

අද පාර්ලිමේන්තුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රීලංකන් ගුවන් සේවය හදිසියේ ගුවන් යානා කුලියට ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් පැවසුවේ හෙට දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝප් කමිටුව හමුවට කැඳවන බවයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.