― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනතාව කුණු දාපු ගමන් එකතු කරන්න අපට බෑ..- කඩුවෙල නගරාධිපති

ජනතාව කුණු දාපු ගමන් එකතු කරන්න අපට බෑ..- කඩුවෙල නගරාධිපති

කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මතුව ඇති විවේචනවලට පිළිතුරු දෙමින් නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසා සිටියේ, ජනතාව කසළ බැහැර කළ සැනින් ඒවා එකතු කිරීම නගර සභාවට තාක්ෂණිකව සෑමවිටම කළ නොහැකි බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කසළ එකතු කිරීම සඳහා නිශ්චිත කාලසටහනක් සහ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ මාර්ග අසල තබන කසළ, පසුදින පෙරවරු 10ත් දහවල් 12ත් අතර කාලය තුළ එකතු කරන බවද ඔහු පැහැදිලි කළේය.

එම කාල පරාසය තුළ මාර්ග අසල කසළ තිබීම සාමාන්‍ය තත්ත්වයක් බවද ඔහු අවධාරණය කළේය.

ඇතැම් පිරිස් සහ මාධ්‍ය ආයතන මෙම කාලසීමාව ඉලක්ක කරගෙන, කසළ එකතු කිරීමට පෙර එම ස්ථාන වීඩියෝ ගත කර නගර සභාව අකාර්යක්ෂම බව පෙන්වීමට වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.

“මෙය සැලසුම් සහගතව ඉලක්කගතව කරන ක්‍රියාවක්. කුණු ගොඩවල් පෙන්වමින් රටට වැරදි අවබෝධයක් ලබා දීමට කරන උත්සාහයක් අපි දකිනවා” යැයිද ඔහු සඳහන් කළේය.

කඩුවෙල නගර සභාව සිය උපරිම ශක්තිය යොදවා කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව සිදුකරන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් ජනතාව නොමඟ නොයන ලෙසත් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.