― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් ගාස්තු සියයට 12කින් ඉහළට

බස් ගාස්තු සියයට 12කින් ඉහළට

බස් ගාස්තු සියයට 12කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අවම ගාස්තුව රු. 30 සිට රු. 34 දක්වා වැඩි වන බව සඳහන් වේ.

මෙම නව ගාස්තු සංශෝධනය මෙම මස 6 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

එසේම, සාමාන්‍ය සේවා යටතේ කිලෝමීටර් 100ට අඩු ගමන් සඳහා බස් ගාස්තු සියයට 12කින් ඉහළ යන අතර, කිලෝමීටර් 100 හෝ ඊට වැඩි දුර ගමන් සඳහා සියයට 20කින් ගාස්තු වැඩිවීමක් සිදුවේ.

ඊට අමතරව, සුඛෝපභෝගී සේවා බස් රථ සඳහා කිලෝමීටර් 100ට අඩු ගමන්වලදී සියයට 12ක ගාස්තු වැඩිවීමක් සහ කිලෝමීටර් 100ට වැඩි ගමන් සඳහා සියයට 15ක ගාස්තු ඉහළ යාමක් ක්‍රියාත්මක වනු ඇත.