මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ ඇතුළත් “කුමන්ත්‍රණය” සම්බන්ධ චෝදනාව නීතිමය වශයෙන් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද (03) අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
අදාළ නඩුවට අභියෝග කරමින් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත.


