බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති වන අතර, වැසි සමග ඇති වන අකුණු අනතුරු වලින් ප්‍රවේසම් වන ලෙස මහජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබෙනවා.


