සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (05) ආරම්භ වීමට නියමිතය.
දෙවැනි දිනයේ තරගය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල එක් කඩුල්ලක් අහිමි කරගෙන ලකුණු 58ක් රැස්කර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට සාපේක්ෂව ඔවුන් තවමත් ලකුණු 491ක් පසුපසින් පසුවන අතර, ඉතිරිව ඇත්තේ කඩුලු 9ක් පමණි.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කර කඩුලු 9ක් දැවී ලකුණු 549ක් ලබා සිටියදී සිය පළමු ඉනිම ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 188ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් ලබා දී කැපී පෙනෙන දායකත්වයක් දැක්වූහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ජේඩන් සීල්ස් සහ ශමර් ජෝසප් කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වූහ.
මෙම ටෙස්ට් තරගය ඇන්ටිගුවාහිදී පැවැත්වේ.


