― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅකුරේගොඩ ද්විත්ව ඝාතනයේ රියැදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ රියැදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට

අද දිවයිනට රැගෙන එයි

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව ප්‍රහාරකයන් ගමන් කළ මෝටර් රථය ධාවනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන (04) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මෙම සැකකරු, අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ ප්‍රහාරකයන් පැමිණි මෝටර් රථයේ රියැදුරුවරයා ලෙස කටයුතු කළ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු බටපොළ, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරනවා.

ඔහු බහරේන් සිට මාලදිවයිනට පැමිණ සිටියදී ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර රතු නිවේදනයට අනුව මාලදිවයිනේ ආගමන හා විගමන බලධාරීන් විසින් ඔහු සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයිනට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අනතුරුව මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.-116 දරණ ගුවන් යානයෙන් අද (04) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඔහු රැගෙනවිත් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරුගෙන් මූලික ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණේ 2026 පෙබරවාරි 13 වනදා තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී වන අතර, එහිදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර තිබුණා.